Tuesday, January 26, 2010

2 ජනපති සටනෙන් බිහි වූ ගී සල රූ

දැන් ශ්‍රී ලාංකීය ජනතාව හරි බරි ගැහිලා බලන් ඉන්නේ ජනපති සටනේ ජයග්‍රාහකයා කවුද? කියලා. ජනවාරි 23 මධ්‍යම රාත්‍රියේ ඉදලා ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් නවතන ලදී. හැමෝම දන්නවනේ ප්‍රචාරණ කටයුතු සදහා රූපවාහිනිය කෙතරම් පාවිච්චි කළාද කියලා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තම තමන්ගේ ජයග්‍රහණය සදහා විවිඩ වූ දැන්වීම් රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කළා. මේ දැන්වීම් අතරින් ලස්සනම දැන්වීම පිළිබඳ පොඩ් තරගයකුත් තිබුණා.

මම මේ කියන්න යන්නේ මගේ හිත ගිය දැන්වීම් 3ක් ගැන. විශේෂත්වය වන්නේ මෙම දැන්වීම් 3ම එකම අපේක්‍ෂකයාගේ දැන්වීමක් 3ක් වීමය. මේ සදහා එම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විශාල මුදලක් වැය කර ඇති බවනම් නිසැකය. කෙසේ වෙතත් එම ප්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන තිබූ ගීතත් වීඩියෝ දර්ශනත් ඉතා නිර්මාණශීලී ඒවා. අවාසනාවට මම එම ගායකයන්ගේ හා පද රචකයන්ගේ නම් නම් දන් නෑ.  දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. නමුත් අලංකාර ගීත 3ක්. වීඩියෝ දර්ශනත් ඊට ගැළපෙන අයුරින් නිමවා තියෙනවා.


1.මිහිතලයේ සාමය අපටයි - පුංචි අපේ සෙනෙහස ඔබටයි (The peace on this land is for us Our innocent)


මම හිතන්නේ මේ තියෙන්නේ ලස්සනම දැන්වීම කියලා. තවත් විශේෂයක් තියෙනවා.එනම් මෙහි ඇති මුහුදු වෙරළ තීරයට යොදාගෙන තියෙන්නේ උස්වැටකෙයියාවේ මුහුදු වෙරළයි. දන්නවනේ ඉතින් මගේ ගම උස්වැටකෙයියාව කියලා.


2. ජය ජයවේ

මට පේන විදියට නම් මේ ගීතය ඔස්කා සම්මාන ලද 'ස්ලම් ඩෝග් මිලියනර්' චිත්‍රපටයේ ජෙය හෝ(Jai Ho) ගීතයේ ආභාෂය තිබේ.


3.දිනවමු ශ්‍රී ලංකා මාතා


මේකත් හොඳයි. අවස්ථාවට උචිත අයුරින් රූප රාමු සකසාගෙන ඇත.





සැලකිය යුතුයි: මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නොවේ. හුදෙක් මාගේ ගී රස වින්දනය හේතු කොටගෙන පමණක් ලියන ලද්දකි.


2 ප්‍රතිචාර:

Chrishi said...

කුමන දේශ්පාලන මති මතාන්ත‍්ර තිබ්බත් අගය කල යුතු දේ අගය කල යුතුය. මෙම ගී 3ම ඉතා විශිශ්ඨ බව කිව යුතුයි.

Shiroshan Randika said...

මට තව එකක් අමතක වුණා. මෙම ගීත දෙඹළ භාෂාවෙනුත් නිමවා තිබූණා. මම හිතන්නේ ඒවත් දෙමළ ජනතාවගේ සිත් දිනාගන්නට ඇති.

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.