Tuesday, March 16, 2010

9 ගූගල් සිංහල පරිවර්තකයට දායක වෙමු

අද මේ ලෝක ව්‍යාප්ත ජාලයේ(WWW) ඇති තොරතුරු කන්දරාව දිනෙන් දින දෙගුණ තෙගුණ වෙනවා මිසක් නැවතීමක් නෑ. ඇත්තටම මෙහි ඇති තොරතුරු වලින් අඩකට වැඩි ප්‍රමාණයක් ලියැවිලා තියෙන්නේ ඉංග්‍රීසි බසිනි. දැන් දැන් යුනිකේත වගේ භාෂා සම්මුතීන් ප්‍රචලිත වීම නිසා ලෝකයේ විවිධ රටවල් තම ස්වභාෂාවෙන් ලෝක ව්‍යාප්ත ජාලයට සීඝ්‍රයෙන් තොරතුරු මුදාහරිමින් සිටිනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුල  සිංහල යුනිකේතය බිහිවීම ගත හැක. සිංහල යුනිකේතය නිසා අද සිංහල බ්ලොග් අඩවි මගින් ලෝක ව්‍යාප්ත ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි කරමින් පවතී. නමුත් මෙය අනෙක් ලෝක ව්‍යාප්ත භාෂා (ඉංග්‍රීසි, චීන, ජපන්....) වලට තරගයක් දිය හැකි මට්ටමේ තොරතුරු සම්පතක් නොවේ.

මේ නිසා අන්තර්ජාලය තුල ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී ඇති තොරතුරු සම්පත තම ස්වභාෂාවෙන් අවබෝධ කර ගැනීමට එක් එක් අය එක් එක් උපක්‍රම යෙදුවා. එවැනි ඉතා ජනප්‍රිය ක්‍රමයක් තමා ගූගල් පරිවර්තකය.(Google Translator) එමගින් විවිධ වෙබ් අඩවි වල ඇති තොරතුරු අන්තර්ගතය තමා කැමති බසකට හරවා ගත හැක. මෙය ස්වයංක්‍රීය මාර්ගගත මෘදුකාංගයක්(Automation Online Software) වන නිසා ඉතා පහසුවෙන් ඕනෑම දෙයක් ඕනෑම බසකට පරිවර්තනය කර ගත හැකියි.

නමුත් තවමත් මෙහි ස්වයංක්‍රීය පර්වර්තනයට ලොව පුරා ඇති සියලුම භාෂා ඇතුලත් කර නොමැත. ඉතින් ලංකාවේ අපට වැදගත් වන සිංහල භාෂාවත් මේ ලැයිස්තුවට ඇතුලත් වී නොමැත. නමුත් ගූගල් විසින් අපේ භාෂාවත් මේ ස්වයංක්‍රීය පරිවර්තනයට ඇතුලත් කර ගැනීමට අපට අවස්ථාවක් සලසා දීලා තියෙනවා. ඒ තමා ගූගල් පරිවර්තන උපකරණ කට්ටලය(Google Translator ToolKit). මෙහිදී තමා තෝරා ගත් ඉංග්‍රීසි බසින් ලියැවී ඇති ගොනුවක්(Word/Writer/Rich text) හෝ විකිපීඩියා ලිපියක්(Wiki Article) හෝ වෙබ් පිටුවක් වාක්‍යයෙන් වාක්‍යය සිංහල භාෂාවට පර්වර්තනය කල යුතුයි. මේ සදහා ඔබ ඔබේ ගූගල් ගිණුමට  ලොග් වී http://translate.google.com/toolkit?hl=en&layout=1&eotf=1 යන සබැදියට යන්න. එහි Upload බොත්තම ඔබා අවශ්‍ය ලේඛනය තෝරාගෙන පරිවර්තන කටයුතු සිදු කල හැක. මෙය යාන්ත්‍රික පරිවර්තන කාර්යයක් කියා හදුන්වන්න පුළුවන්.

මෙසේ අදාළ භාෂාවෙන් සැලකිය යුතු ම්ට්ටමේ තොරතුරු ප්‍රමාණයක් පරිවර්තනය වී අවසන් වූ විට ඔවුන් එම භාෂාව ඔවුන්ගේ ස්වයංක්‍රීය පරිවර්තන ලැයිස්තුවට ඇතුලත් කර ගනී. එතැනින් පසු ගූගල් විසින් අදාළ පුද්ගල සහය ඇතුව ඉංග්‍රීසි ලිපියක් දුන් විට ස්වයංක්‍රීයව එම භාෂාවට පරිවර්තනය වන ආකාරයට එම මෘදුකාංගය යාවත්කාලීන කරනවා. ඉතින් අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය වැඩි කිරීමට උත්සහ දරන අපට දැන් තවත් කාර්යයක් පැවරිලා. ඒ තමා සිංහල බසත් කෙසේ හෝ ගූගල් පර්වර්තකයට ඇතුලත් කර ගැනීම. ඉතින් ඔබත් හැකි ආකාරයෙන් ඉංග්‍රීසි ලිපි කිහිපයක් සිංහල භාෂාවට හරවන්න උත්සහ ගන්න. මතක ඇතුව මුල් භාෂාවට ඉංග්‍රීසි බසත් පරිවර්තනය කල යුතු භාෂාවට සිංහල බසත් තෝරා ගන්න. 

මමත් මේ ගැන මුලින්ම දැන ගත්තේ සිසු හවුල ගූගල් සමූහයෙන්. එහි විමල් මහතා විසින් පළ කරන ලද විස්තරයක් ඇසුරෙනි.

9 ප්‍රතිචාර:

නේෂාධ පෙරේරා said...

ඉතාම වැදගත් කාර්ය්‍යයක්. මාත් මට පුළුවන් විදිහට මේ වැඩේට සහය දෙන්න උතසාහ කරන්නම්.

යූත්මැක්ස් said...

මේ ලිපිය ලිවීම ගැන ගොඩක් ස්තූතියි. මමත් මේ ගැන ලිපියක් දාන්න ඕන කියල ගොඩක් දවසක ඉඳලා හිතාගෙන හිටියත් දාන්න බැරිවුණා. මම සහ තවත් මිතුරන් කිහිප දෙනෙක් එකතුවෙලා දැනට මාස කිහිපයක පටන් ලිපි පරිවර්තන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. හැමෝම මේකට දායක වුනොත් අපිට ඉක්මනින්ම ගුගල් පරිවර්තනය ඇතුලේ සිංහල දකින්න වාසනාව ලැබෙයි. මමත් හැමෝටම ආරාධනා කරනවා පුළුවන් තරම් ඉංග්‍රීසි ලිපි හෝ වෙබ් අඩවි පරිවර්තනය කරලා මේකට සහයෝගය දක්වන්න කියලා.

Shiroshan Randika said...

@නේෂාධ පෙරේරා
ස්තූතියි ඔබට. උත්සහය තමා වැදගත්ම දේ.

@යූත්මැක්ස්
ස්තූතියි ඔබටත්. හැමෝම එකතු වුණහම මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්.

ගයාන් තාරක said...

මූලික දේවල් හැරෙව්වේ මෙහෙමයි.
http://deepsgelokaya.blogspot.com/2009/06/google.html

ඉතිරියත් හැකි උපරිමයෙන් කරමු.

Kasun Nadeeshana said...

සැබැ දේශපේයෙකුගේ වගකීමක් කියන්න පුළුවන්. ජාතික කර්තෘවයක්
ස්තුතියි දැනුවත් කලාට.

Shiroshan Randika said...

@ගයාන් තාරක
ස්තූතියි! කමෙන්ටුවට සහ ලබා දුන් සබැදියට. ඒ බ්ලොග් ලිපියත් ඉතා වටිනවා. මම මේකටත් හැකි විදියට උදව් දෙන්නම්. ඇත්තම කියනවනම් ගූගල් මෙවැනි දේ නිසා අන්තර්ජාලයේ හැම තැනටම කාන්දු වීගෙන යනවා.

@Kasun Nadeeshana
ස්තූතියි ඔබටත්! හැමෝම එකතු වෙලා දවසකට එක ලිපිය ගානේ හරි පරිවර්තනය කරගන්න තියෙනවනම් මරුම තමා.

Amila said...

elama thamaaa

Orchids said...

All Sri Lankan Bloggers invited to join the
one and only Multi lingual
DIRECTORY OF SRI LANKAN BLOGGERS
Orchids
http://www.orchidslk.co.nr/

Kaniskha Dilshan said...

බොහොම ස්තුතියි මල්ලි මේ ගැන දැනුවත් කලාට. අපිට මේ වැඩේ කරගන්න පුලුවන් උනොත් එය සිංහල භාෂාව ලැබූ අති විශාල ජයග්‍රහණයක් වෙනවා නොඅනුමානයි.

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.