Saturday, March 6, 2010

3 SixthSense Technology

SixthSense Technology ගැන ඔබලා සමහරවිට අහලා ඇති. මෙම තාක්‍ෂණය අත්හදා බැලීමේ වීඩියෝ පට ඔබ මින් පෙර නරඹා තිබුණනම් ඔබ පුදුම වනු ඇත. මමත් මේ ගැන මුලින්ම දැනගත්තේ තාරකගේ බ්ලොග් ලිපියෙනි. මෙම නවතම තාක්‍ෂණය මගින් දැනට පවතින ඩෙස්ක්ටොප් පරිගණක කට්ටල සහ විවිධ දෘඩාංග පද්ධති තැන තැන ගෙන යාම අත්‍යවශ්‍ය නෑ. ඇත්තටම මෙම තාක්‍ෂණයේ නිර්මාපකයා වන ප්‍රනාව් මිස්ත්‍රි ඉන්දියානුවෙකි. ඔහු ඇමෙරිකාවේ  මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ(MIT) ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. ඔහුට මෙම තාක්‍ෂණය නිර්මාණය කිරීම සදහා තවත් ශිෂ්‍යයෝ දෙදෙනෙක් උදව් වී තිබෙනවා.

මේ SixthSense තාක්ෂණයට මේ නම ලැබිලා තියෙන කතාවත් අපූරුයි. ඔය ගොල්ලා දන්නවනේ පංච ඉන්ද්‍රීයයන්. මේ ඉන්ද්‍රීයයන් පහට එකතු වූ නවතම උපාංගයත් සමග තමා අපි මේකට SixthSense තාක්ෂණය කියන්නේ. ඉතින් මොකක්ද මේ නවතම උපාංගය කියලා ඔයගොල්ලෝ බලනව ඇතිනේ. ප්‍රනාව් ඇතුලු කණ්ඩායම ගොඩක් පර්යේෂණ කරලා තමයි මෙම ඉලෙක්ට්‍රොන්ක උපාංගය සකස් කරලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේක බෙල්ලේ එල්ලා ගත හැකි උපාංග කට්ටලයක්. මෙහි කැමරාවක් හා තල දර්පණයක් සහිත ප්‍රක්ෂේපකයකින් (Projector) සමන්විත වෙනවා. ඊට අමතරව ජංගම දුරකථනයක් ද අවශ්‍ය වෙනවා. ජංගම දුරකථනය හරහා තමා අන්තර්ජාලයට සම්බන්ධ වී සන්නිවේදනය සිදුකර ගන්නේ. දැනට ගණන් බලා ඇති ආකාරයට මේකෙ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් 36000ක් විතර වෙනවා. මෙමගින් ඕනෑම මතුපිටක්(Surface) මත තමාට අවශ්‍ය කටයුතු කර ගැනීමට පුළුවන්. මේක හරියට බහුකාර්යය උපාංගයක් වගේ.  මේකෙන් අපිට අවශ්‍ය කාර්යය ඉතා සරලව සහ පහසුවෙන්(Easy & Seamless Access) කරගන්න හැකියාව තිබෙනවා.

මෙහි වැදගත්ම දෙය වන්නේ මෙම උපාංගය ක්‍රියා කරවන මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය ප්‍රනාව් විසින් විවෘත කේත මෘදුකාංගයක්(FOSS) බවට පත් කරලා තියෙනවා. ඉතින් අනාගතයේදී මෙම මෘදුකාංගය වැඩි වැඩියෙන් දියුණු වෙයි කියන එක තමයි කාගේත් බලාපොරොත්තුව.

 මේ ගැන වැඩිදුරටත් දැනගන්න පහත වීඩියෝ පටය බලන්න. මෙම තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රනාව්ගේ ගුරුවරයා විසින් කරන ලද කතාවක් මෙහි අන්තර්ගත වෙනවා. ඒක බලපුවාම මම මෙච්චර වෙලා කියන්න හදපු දේ ඔය ගොල්ලන්ට නිකන්ම පැහැදිලා වෙව්.


වීඩියෝ පටය නැරඹුවානම් දැන් මේක ගැන හිතන දේත් පහලින් සටහන් කරලාම යන්න.

3 ප්‍රතිචාර:

චතුරංග රූපසිංහ said...

ආ මට මේ ලිපිය මග හැරිලා. ඇත්තටම නොදන්න දෙයක් මේක දැනුවත් කලිට ස්තුතියි. කොහොමවුනත් හැමෝම තමන් ඉගෙන ගත්ත දේවල් මේ වගේ ප්‍රයොජනවත් වැඩකට යොමුකලා නම් ලෝකය මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබ්බා

Shiroshan Randika said...

@චතුරංග රූපසිංහ
ආ... බොහොම ස්තූතියි කමෙන්ටුවට. ඔබ හරි! හැමෝම තමාගේ බුද්ධිය තමාට පමණක් කොටු නොකර ලෝකෙට ගලා යන්න සැලැස්සුවනම් ඔබ කිව්වා වගේ ලෝකය වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා.

jiyapatel said...

Nice article. To match up with the current trends bracelet bangles are now available in variety of designs, materials and patterns. I would like to share the site www.kaneesha.com from where I purchased a stunning bracelet for a party and it attracted many great compliments.

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.