Friday, May 7, 2010

12 මගේ අලුත් වසම සහ අලුත් වැඩ

ඔන්න ටික කාලයකට පස්සේ තමා මම ලියන්නේ. නිකන්ම නෙමේ අලුතෙන් මගේම කියලා වසම් නාමයක්(Domain Name) යටතේ තමා අද ලියන්න පටන්ගත්තේ. නමුත් පොඩි DNS අවුලක් හින්දා blog.shiroshan.info සබ් ඩොමේනය මේ බ්ලොගේට කස්ටම් ඩොමේනයක් විදියට දාගන්න බැරුවයි හිටියේ. නමුත් දැන් ඒක හරි! LK Servers ආයතනය සිංහල බ්ලොග්කරුවන්ට දුන්න විශේෂ දීමනාව හින්දා තමා මේක ලැබුණේ. ජීවිත කාලයටම නොමිලේ 10GB වෙබ් ඉඩක් සමඟ අවුරුද්දක් සදහා නොමිලේ ඩොමේන් නාමයක්. ඉතින් මමත් අතහැරියේ නෑ. කොහොම හරි ගත්තා. ඉතින් මාව මේ දීමනාව පිළිබඳව මුලින්ම දැනුවත් කළ ගයන්තගේ බ්ලොගය මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ අවස්ථාව උදා කර දුන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත් මාගේ ස්තූතිය පිරිනමන අතර LK Servers ආයතනයටත් ඔවුන්ගේ කාර්යය මණ්ඩලයටත් මාගේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම තාක්ෂණික උපදෙස් වලින් මට සහය වුණු සියලුම මගේ අන්තර්ජාල මිතුරන්ට ස්තූතියි!


ඉතින් මගේ වෙබ් ලිපිනය තමා www.shiroshan.info. ඒකට මම අලුත් අදහසකට අනුව කළු පෑනකින් වෙබ් නිර්මාණය කළා. ගිහිල්ලම බලලා කියන්නකෝ ගුණ දොස්. ඕකත් ඉතින් හදිසියට වගේ කළේ. පස්සේ වෙලාව හම්බ වුණොත් හොඳ ඩිසයින් පාරක් දානවා.


දැන් මම කියන්නේ වෙන කතාවක්. මම 2009 සාමාන්‍ය පෙළට ලිව්වනේ. කොහොම හරි ඉතින් A 5කුයි B 4කුයි තියෙනවා. ඊට පස්සේ උසස් පෙළත් නොකර බෑනේ. ඉතින් ඒකට මම ගණිත අංශය තෝරාගත්තා. පෝඩ්ඩක් අමාරු වැඩක්!(ගණිතයට Bනේ) ඉතින් දැන් මම 2012 A/L විභාගය අපේක්ෂිත සිසුවෙක්. ඔන්න ඔහොම ඉද්දී අහන්න ලැබුණා 2009 සිට උසස් පෙළට ICT (GIT නෙමේ) කියලා විෂයයක් ඇතුලත් කරලා කියලා. මම ඉතින් ICT වලට විශේෂයක් දක්වන නිසා ඒ විෂයය කරන්න ආසාවක් ඇති වුණා. අපේ ඉස්කොලේටත් එම විෂයය පටන් ගන්නවා කියලා ආරංචියි. ඉතින් රසායන විද්‍යාව(ටිකක් ගිරවු ගතිය තියෙන විෂයයක්නේ) අයින් කරලා ICT දාගන්න උත්සහයක් දීලා බලන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ දාගන්නනේ ඕනේ. සරසවි වරම් ලබා ගැනීමේ ආශාවත් තදේටම තියෙනවා. හිහ් හී!


ඔන්න එතකොට මගේ ඔළුවට අදහසක් ආවා විද්‍යා දැනුම ‍ලබා දෙන බ්ලොග් අඩවියක් පටන්ගන්න. ඒ‍ක මම We Are Scientific! කියලා නම් කළා. ඒකේ මූලික අරමුණ වුණේ මගේ උසස් පෙළ විද්‍යා ඥාණය වැඩි දියුණු කර ගැනීමත් මා ලබා ගත් දැනුම අනෙක් අයට බෙදා දීමත්. පස්සේ මම හිතුවා මම විතරක් නොලියා තව කට්ටිය එකතු කරගෙන ඒක දිගටම කරන්න. ඉතින් ඒ කාර්යයට ඔබලා සියලුදෙනාට මම ආරාධනා කරනවා. තව බ්ලොග් අඩවියේ ටෙමප්ලේට් එකත් ටිකක් දියුණු කරගන්න ඕනේ. තව ඩොමේන් නාමයකුත් ගන්න බලාපොරොත්තු වෙනවා.  ඇත්තටම මට ඕන වුණේ එමගින් සම්ප්‍රදායික විද්‍යා පාඩමක් නොකර රසවත්ව විද්‍යාවේ සුන්දරත්වය නොදන්නා කොනකුට ලබා දෙන්නයි! 


ඉතින්  දැන් මම මේ ලිපියට සමු දෙනවා. මේ ලිපිය කියෙව්වට ඔබට බොහොම ස්තූතියි! ඊළඟ ලිපියෙන් හමුවෙමු෴

12 ප්‍රතිචාර:

කසුන් කොස්වත්ත- Kasun Koswattha said...

Niyamai malli. Mama oyawa hodata dannawa. Mama oyage Lipi godak wenawata kiyawanawa. Ara kalu pen aken desing karapu aka oyage ayya mata pennuwa kalin. otage adahas maru. Ok then. keep up good work. math lagadima sindiyata annai hithagena enne.

Shiroshan Randika said...

@කසුන් කොස්වත්ත
බොහොම ස්තූතියි අයියා! මම අයියගෙන් අහගත්තා ඔයා ගැන. මගේ ලිපි කියෙව්වට බො‍හොම ස්තූතියි. ඉතින් සිංහල බ්ලොග්කරණයට ඔබව සාදරයෙන් පිළිගන්නවා.

Dinindu De Silva said...

නියම වැඩක් නියමයි දිගටම ලියන්න

KaniRockz said...

Good Luck malli

Shiroshan Randika said...

@Dinindu De Silva
බොහොම ස්තූතියි!දිගටම ලියනවෝ!

@KaniRockz
බො‍හොම ස්තූතියි!

Chinthana14 said...

එලස්!

Amila said...

ammata hudu life time warrenty da.. ela ela... okkoma site ela ube

Shiroshan Randika said...

@Chinthana14
බොහොම ස්තූතියි!

@Amila
ඔව් ජීවිත කාලෙටම නොමිලේ! බො‍හොම ස්තූතියි! යාළුවා

Supun Sudaraka said...

උඹේ ලිවිල්ල මරු. උසස් පෙළ කරද්දි දෙන්න තියෙන එකම උපදෙස. උසස් පෙළ කික් එක එහෙම්මම දිගටම තියාගන්න. අපි වගේ වලේ නොබසිනු! ;)

මෙන්න අපෙන් උණුසුම් සුබපැතුම්!

Shiroshan Randika said...

@Supun Sudaraka
බො‍හොම ස්තූතියි! ඔබේ උපදෙසට. ඔබ හරි සහෝදරයා! හැමදෙයක්ම පටන් ගන්න ගැම්මෙන්ම ඉවර කරගන්න පුළුවන්නම් ඕනෙම වැඩක් ගොඩදාගන්න පුළුවන්!

Hasitha ජයසූරිය said...

මචන් I.C.T වැඩේ ගොඩ ගියාද?

Shiroshan Randika said...

@Hasitha ජයසූරිය
මම දැන් තීරණය කළා රසායන විද්‍යාව කරන්න. අපේ ඉස්කෝලේ තාම ICT පටන් අරගෙන නෑ. ICT තෝරාගත්තත් තනියම තමා කොරන්න වෙන්නේ. ඒ කොහොම වුණත් දැන් මම රසායන විද්‍යාවට කැමතියි.කොහොමවුණත් මගේ අරමුණ පරිගණක අංශයයි. ඒකට රසායන විද්‍යාව ප්‍රයෝජනවත් නොවුණත් මම ඒකෙන් ඉගෙන ගන්න දේවල් වලට ආසයි. ඉතින් ගණිත අංශය තෝරාගැනීම ගැන මම අවංකව සතුටු වෙනවා.(සංකීර්ණ බවක් තිබුණත් ඉගෙන ගන්නකොට හරි ආසයි!)

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.