Saturday, May 15, 2010

16 සිංහල අපේ නමේ මුලකුරු

අද මම කියන්න යන මාතෘකාව ගැන කාලයක් ලක්බිම පුවත්පතේ සංවාදාත්මක ලිපි පෙළක් ගියා. ඉතින් මම හිතුවා ඒ මාතෘකාව බ්ලොග් අවකාශයටත් ගෙන එන්න ඕනේ කියලා. සෑම මනුස්සයෙක් සඳහාම ඔහුට ආවේණික නමක් තියෙනවා. ඔහුගේ හෝ ඇයගේ නමේ ස්වභාවය තීරණය වෙන්නේ  ඔහු/ඇය ජීවත් වන සංස්කෘතික සහ භාෂා වටපිටාව අනුවයි. හැමෝටම එක නමක් තිබ්බට මදි. මොකද එකම නම තියෙන අය ගොඩක් ඉන්න පුළුවන්. ඉතින් එතකොට නම් ගණන දෙකක් හෝ ඊට වැඩි වෙනවා. මෙසේ නම් ගණන වැඩි වෙනකොට අපිට ඕක කොහේ හරි ලියන්න ගියාම හෙන වදයක් වෙනවා. ඒ වෙලාවට අපි නමේ මුල් කොටස(බොහෝ වෙලාවට වාස ගම) කෙටිකර අවසාන කොටස විතරක් ලියනවා.

උදාහරණයක් විදියට කිරිවැල්ලේ මුදියන්සලාගේ දොන් මංජුල ප්‍රසාද් යන නාමය අපි සාමාන්‍යයෙන් ලිවීමට පුරුදු වෙලා තියෙන්නේ K.M.D. මංජුල ප්‍රසාද් ලෙසටයි තවත් විටෙක අග නම පමණක් ඉතුරු වෙන්නට අනෙක් මුල් කොටස් වලට මුල අකුරු දානවා. එතකොට ඉහත උදාහරණය අනුව ලියවෙන්නේ K.M.D.M. ප්‍රසාද් ලෙසටයි. ඉතින් ඔය විදියට තමා අපි නම ලියන්න පුරුදු වෙලා තියෙන්නේ. 

දැන් අපි ඉහත ලියපු උදාහරණය දිහා ‍හොදට බලන්න. එහි මුලකුරු තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින්. අග කොටස තියෙන්නේ සිංහලෙන්. ඔතන තමා ප්‍රශ්නය මතු වෙන්නේ. ලියන්න හදන්නේ සිංහලෙන්. ඒ වුණාට මුලකුරු ලියන්නේ ඉංග්‍රිසියෙන්. එතකොට ඉහත උදාහරණය මෙහෙමයි ලියවෙන්නේ Kiriwelle Mudiyanselage Don Manjula ප්‍රසාද් ලෙසයි. බලන්න එතකොට බාගයකටත් වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසියෙන්. නමුත් සිංහලෙන් අග නම ලියලා. ඔන්න ඔහොම තමා බහුතරයක් ශ්‍රී ලාංකීය ජනතාව ඕනෑම තැනක ලියන්නේ. ඇත්තටම මෙතන ප්‍රශ්නය තියෙන්නේ සිංහලෙන් නමක් ලියනවනම් සම්පූර්ණයෙන් සිංහලෙන්ම ලිවිය යුතුයි. ඒ හැර අන් භාෂාවකින් නමක් ලියනවනම් සම්පූර්ණයෙන් එම භාෂාවෙන් ලිවිය යුතුයි. ඒ අනුව ඉහත උදාහරණය K.M.D.M. Prasad කියා ඉංග්‍රීසියෙන් ලිවීම වඩාත් සුදුසුයි. කාට හරි මේක අපේ සිංහල භාෂාවෙන් ලියන්න ඕනේ නම් එය කි.මු.දො.ම. ප්‍රසාද් ලෙස ලිවිය විය යුතුයි. එයයි නිවැරදි ක්‍රමය. අපි කලින් පුරුදු වෙලා හිටිය ක්‍රමය අනුව මගේ නම කියනව නම් S.S.R. සිල්වා. සම්පූර්ණ සිංහලෙන්ම ලියනවනම් සි.ශි.ර. සිල්වා. (ඒ නමෙත් පොඩි ගතියක් තියෙනවා)
මම හිතන්නේ දැන්  අපි හැමෝම දන්නවා නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. සමහරවිට මේ විදියට අපි මෙතෙක් කල් ලිව්වේ අපේ නොදැනුවත්කම නිසා වෙන්න ඇති. සමහර විට දැන දැනම වෙන්න ඇති. සමහරු කියන්නේ  බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ උරුම වූවක් අද දක්වා විකාශනය වීමේ ප්‍රතිඵලයක් ලෙස අපි මේ ක්‍රමේට පුරුදු වෙන්න ඇති කියලා. ඒ කොහොම වුණත් දැන් අපි මේ වැරැද්ද හඳුනා ගත්තා.

දැන් මේක දිහා අපි තව පැත්තකින් බලමු. මෙන්න මේ උදාහරණය බලන්න. කෑගළුගේ දඹරගල රණවීරලාගේ තිළිණ ගුණරත්න. මේ නම අපේ සිංහල ක්‍රමේට ලියූ විට කෑ.ද.ර. තිළිණ ගුණරත්න ලෙස වේ. කවුද කැමති තමාගේ නම ඉස්සරහ මේ වගේ උපහාසාත්මක වදනක් දාගන්න. ඇත්තටම එතන කෑ.ද.ර. යනු තනි වචනයක් නොවේ. එය තිත් යොදා කෙටිකළ නම් පෙළක්. නමුත් බැලූ බැල්මට එය පෙනෙන්නේ "කෑදර" යනුවෙන්. ඉතින් මේ වගේ තමාගේ නම ඉස්සරහින් අපහාස වචන නිර්මාණය වෙනවට කවුරුවත් කැමති නෑ. ඒක හින්දා සමහර අය සිංහල ක්‍රමේ අතහැරලා ඉංග්‍රීසි ක්‍රමේට මුලකුරු ටික ලියනවා. එතකොට අර වගේ විහිළුවක් සෑදෙන්නේ නැති නිසා. නමුත් මේ උදාරණය දෙස බලන්න. මාළඹේ ආරච්චිලාගේ දොන් සිරිපාල. මේක ඉංග්‍රීසී මුලකුරු වලින් ලිව්වොත් M.A.D. සිරිපාල. MAD වචනයේ සිංහල තේරුම සිහිවිකල් යන්නයි. සමහරවිට ඉංග්‍රීසි නොදන්නාකමට සමහරු ඒ ගැන නොසිතන්නට පුළුවන්. නමුත් සිරිපාල දැනගත්තොත් ඵ් වචනයේ තේරුම "සිහිවිකල්" කියලා ඔහු ඉංග්‍රීසියෙන් මුලකුරු ලියන එකක් නෑ. ඉතින් මෙහෙම බලපුවම එක එක අයට එක එක ගැටලු මතු වෙනවා.

නමුත් මේ සියල්ලටම එක් විසඳුමක් තියෙනවා. ඒ තමා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම. කු.රු. සෝමාවති යන නමේ මුලකුරු කාට හරි පුළුවන්නම් "කුරු" යනුවෙන් නොසිතා එය කෙටි කළ නම් පෙළක් පමණක් කියා සිතන්නට, එහි අර්ථය ඔහු/ඇය තුල මේ පිළිබඳව ආකල්පය වෙනස් කරගෙන ඇති බවයි. අද අපිට මේ සිංහල ක්‍රමේට මුලකුරු පාවිච්චි කරන ජනප්‍රිය දෙන්නෙක් ඉන්නවා. ඒ තමා දි.මු.ජයරත්න සහා වි.ජ.මු. ලොකු බණ්ඩාර යන අය. ඉතින් ශ්‍රී ලංකාවේ සැවොම ‍මේ පිළිබඳව යම් හෝ ආකල්පමය වෙනසක් ඇති කරගත් දාට අපිට අපේ මව්බසින් අපේ නමේ මුලකුරු ලිවිය හැක.

ඉතින් මම මේ ගැන ලිව්වේ මේ මාතෘකාව මගේ අදහසුත් අන් අයගේ අදහසුත් එකට සාරාංශගත කරලා. ඉතින් ඔබේ අදහසුත් මේ ලිපියට ලබා දෙන්න.

16 ප්‍රතිචාර:

lakmal n shalindra said...

lassanaiii malliii...
math oya gana huwata karanna baru giya....
ape sinhala kamata api thana denna one

Dinindu De Silva said...

එල වඩක් ඇත්තම තමා, අත්තටම අර කිව්ව වගෙ අකල්පමය වෙනසක් අති වෙන්න ඔනෙ.මොකද අද ඔක්කොම වගෙ සින්glish වෙලානෙ

'සුළඟ' said...

මගේ ඉස්කෝලෙ යාලුවෙක්ටත් මෙහෙම දෙයක් වුනා...
එයාගෙ නම S.A.D.ප්‍රියදර්ශන.

අන්තිමට "සෑඩ්" වුනා...

කසුන් කොස්වත්ත- Kasun Koswattha said...

නියම post එක මල්ලියා. ඔයා මේක කියද්දි මටත් උන වෑඩක් මතක් උනා... ඒකේ 4to එකක් මම පොස්ට් කරන්නම්.... anyway. good post!!!!!!!

Shiroshan Randika said...

@Lakmal Shalindra
බොහොම ස්තූතියි! ඔව් අපේකම පෙන්වන්න ඕනේ.

@Dinindu De Silva
ඔව්! නිසි තැනදී මව්බසත් ඉංග්‍රීසියත් භාවිතා කළ යුතුයි. බොහොම ස්තූතියි!

@සුළඟ
ඔහොම හිතෙන එක සාමාන්‍ය මනුෂ්‍ය දුර්වලතාවයක්. S.A.D යන්න SAD කියා සිතුවත් එය ඔහු ඉදිරියේ ඍජුව ප්‍රකාශ නොකිරීමට අපි වග බලාගත යුතුයි. අනෙක් අතට ඔය නම සිංහල ක්‍රමේට ලිව්වනම් "සෑඩ්" නොවෙන්නත් පුළුවන්. බොහොම ස්තූතියි ඔබටත්.

@කසුන් කොස්වත්ත
බොහොම ස්තූතයි! අයියා! දාන්න දාන්න හැමෝටම බලාගන්නත් එක්ක!

budhajeewa said...

අපි හැමෝම එකම දෙයක් කරන්න ඕන කියල එකක් නෑ. අනිත් එක අපිට හිතෙන විදියට හැමෝම හිතන්න ඕනත් නෑ. තම තමන් තම තමන් පිළිබඳ තීරණ ගන්නටයි තම තමන්ට මොළයක් ලැබිල තියෙන්නේ.

කැමැත්තෙක් කැමැත්තක් කරපුවාවේ!

Anonymous said...

පුලතිසි කේසර සේනානායක ඒක සිංහලෙන් ලිව්වොත් කොහොම හිටීවිද?

Amila said...

ela ban post eka nam/// akalpamaya wenasak..

sorry.com said...

අදහස්.....බෙදාගැනීම උතුම් දෙයක්

උදිත සේනාරත්න said...

මම සිංහල බස පහලට හෙළනවා නෙවෙයි. ඒත් මට හිතෙනවා කෙටියෙන් නම ලියනකොට ඉංග්‍රීසි අකුරු වලින් ලියන එක හොඳයි කියලා. මොකද, ඉංග්‍රීසි බසෙහි අකුරක් හඳුන්වන්න වෙනම වචනයක් තියෙනවා. උදාහරණයක් විදිහට 'ම්' ශබ්දය උපදවන්න උපයෝගි කරගන්න අකුර හඳුන්වන්නේ 'එම්' කියලා. ඒත් සිංහලයේ දී අකුරක් හඳුන්වන්නේ එය වර නගන ශබ්දයෙන්මයි. ඒ නිසා තමයි සමහරවිට සිංහල අකුරු වලින් කෙටි නම ලියන්න යාමේදී අපබ්‍රංශ වචන කියවෙන්නේ.

අනිත් කරුණ තමයි කෙනෙකුගේ නමේ මුලකුරු 'S.A.D' නම් එය 'එස්.ඒ.ඩී' ලෙස අකුරු වෙන වෙනම කියවන්නට පුළුවන්. එහිදී 'SAD' යන ඉංග්‍රීසි වදන සෘජුවම ප්‍රකාශ වෙන්නේ නැහැ. නමුත් සිංහල බසින් මුලකුරු ලියන විට එලෙස අකුරෙන් අකුර කියවන්න අපහසුයි. 'කෑ.ද.ර' යන අකුරු කියවන විට එහිදී 'කෑදර' යන වචනය සෘජුවම ප්‍රකාශ වෙනවා. අපි ඒක 'කෑයන්න දයන්න රයන්න' කියල කියවන්නේ නැහැනේ.

එනිසා මගේ අදහස නම් කෙටි නමක් ලියන විට ඉංග්‍රීසි අකුරු යොදා ගැනීම වඩා උචිත බවයි. අවලස්සන විදිහට වර නැගෙන්නේ නැත්නම් විතරක් සිංහල අකුරු යොදා ගත්තට කමක් නැහැ.

වැප් said...

තම තමුන්ගේ කැමැත්ත හා තමාට පහසු විදිහක් ...........

Shiroshan Randika said...

@budhajeewa
ඔව් තීරණ ගන්න ඕනේ තම තමන්මයි. අනුන් කියන පළියට තීරණ ගන්න ඕනේ නෑ. ඒක හරි. මම මෙම ලිපියෙන් මේ ප්‍රශ්නය කථිකාවතකට භාජනය කිරීමයි සිදු කළේ. අනෙක් අයව මේ ගැනත් හිතන්න සැලැස්සුවා විතරයි. එය ක්‍රියාවට නංවනවාද යන්න ඔවුන්ගේ කාර්යයක්. බොහොම ස්තූතියි කමෙන්ටුව‍ට.

@Anonymous
ඔව් ඒක දිහා වැරදි ඇසකින් බැලුවොත් එයින් වෙන අර්ථයක් පේනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ එක්කෝ ශුද්ධ සිංහලෙන් නැත්නම් ඉංග්‍රීසයෙන් ලියන ඒක තමා. බොහොම ස්තූතියි කමෙන්ටුව‍ට.

@Amila
ඔව් එක එක අයගේ ආකල්ප අනුව තමා සියල්ල ‍තීරණය කරන්නේ.

@sorry.com
ඔව් අදහස් බෙදා ගැනීම උතුම් දෙයක්. මා එකඟයි! බොහොම ස්තූතියි!

@උදිත සේනාරත්න
මට මේ දේ හිතුනේ නෑනේ. බොහොම ස්තූතයි මතක් කළාට. ඔබ ඉදිරිපත් ඉදිරිපත් ක‍ළේ කරළියට නොපැමිණි වටිනා අදහසක්.

@වැප්
මම එකඟයි. බොහොම ස්තූතයි කමෙන්ටුවට. මේ ගැන දැනුවත් වුණ හැමෝටම ස්තූතියි!

nadeesthoughts said...

සම්පූර්ණ සිංහල විදියට නම ලියනවා නම් වාසගම අගට නොව මුලට යෙදිය යුතුයි.
මීට පෙරද මේ ගැන වෙනත් බ්ලොග් ලිපියක සාකච්ඡා වුනා.

Shiroshan Randika said...

@nadeesthoughts
මම එහෙම එකක් දැනගෙන හිටියේ නෑනේ. ස්තූතියි දැනුවත් කළාට!

Shenya de Silva said...

ලියල තියෙන දේ කියවන එක්කෙනාට තේරෙනවනම් , සිංහලෙන්ම ලියන්න, ඉංග්‍රීසියෙන්ම ලියන්න , සිංග්ලිෂ් වලින් ලියන්න , සිංහල ඉංග්‍රීසි කලවමේ ලියන්න මේ ඕනේ විදියකට ලිව්වයි කියලනම් මට වැරද්දක් පෙන්නේ නෑ, . භාෂාව , ගණිතය , විද්‍යාව වගේ දේවල් සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරන උපකරණ වගේ දේවල් නෙ. පැන්සලෙන් / කවකට්ටෙන් /කතුරෙන් /පන්චර් එකෙන් , මේ මොකෙන් ඇනල හිල් කලත් එකයි කොළ ටික අමුනගන්න පුළුවන් නම්.අනික ලෝකේ තියෙන්නේ ඔය භාෂා දෙක විතරමක් යැ. බයිනරි කෝඩ්ස් වලින් හරි නම ලියල එක කියවන එක්කෙනාට තේරෙනවනම් ඒත් ප්‍රශ්නයක් නෑ. හික්ස් !!

මටනම් හිතෙන්නේ ඔහොම =D

සසීන්ද්‍ර වීරසිංහ said...

නියමයි අයිය...

අපි සුද්දො නෙවෙයි, ඕකුං මෙහෙට ආවෙ නැත්තං අපි සමහර විට ඔය විදිහට තමයි නම පාවිච්චි කරන්නෙ,

මොනා කරන්නද දැං ඉතින් ඕක හදන්න බැරිගානට පත් වෙලා...

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.