Friday, October 15, 2010

7 කාලය රන් හා සමානයි!



"කාලය රන් හා සමානයි" කියලා අපි පොඩි කාලේ අහලා තියෙන දෙයක්. පොඩි කාලේ ඒක එච්චර ඇඟට දැනුණේ නැති වුණාට ලොකු වෙනකොට තමයි ර‍‍ඟේ තේරෙන්නේ. මම එහෙම කිව්වේ ‍මට නම් දැන් දවසකට තිබිය යුතු කාලයත්(පැය විසි හතර) මදියි වගේ. උසස් පෙළත් සමඟ මම සිතින් කාර්යබහුල වෙලා. ගණන් දෙක තුනක් හදලා කාලා බීලා හිටියම දවසම යනකම් තෙරෙන්නේ නෑ. අනික නිදි මරලා පාඩම් කරන එක මට කොහොමටවත් පුරුදු නැති දෙයක්. ඒත් මම ඒක අත්හදා බලන්නයි ඉන්නේ.(කවදා කෙරෙයිද දන්නේ නෑ)  කොහොමවුණත් අධ්‍යාපනයත් එක්ක කාල කළමණාකරණය කියන එක ගොඩක් වැදගත්. කාලය කළමණාකරණය කරගන්නකොට තමයි අර මුල් වාක්‍යය මතක් වෙන්නේ.

කොච්චර වැඩ අස්සේ වුණත් අන්තර්ජාලයට ගොඩ වඳින්නනම් අමතක වෙන්නෙම නෑ. ජීමේල්, ගූගල් රීඩරය, ෆේස්බුක්, විද්‍යාව.com යන ලැයිස්තුවනම් වරදින්නෙම නෑ.,  ඒක හරියට ඇබ්බැහි වීමක් වගේ. මොන දේට ඇබ්බැහි වුණත් පාලනය වැදගත්. ඉතින් පාලන, වාරණ, නියාමන ඔක්කොම කරගෙන මේ අවුරුදු දෙකාමාර කොහොමහරි ගෙවන්න වෙනවා. මේ බ්ලොගය වුණත් ලියන්න කම්මැලිකමේ හිටියේ. ඒත් බ්ලොග් කෙරුවාවනම් අත්හරින්න හිතක් නෑ. හිතේ ගොඩක් දේ තියෙනවා ප්‍රකාශ කර ගන්න බැරි. ඒවා එළියට දාගන්න තියෙන හොඳම තැනක් තමා බ්ලොගය. හැබැයි සමහර වෙලාව කියන්න ගොඩක් දේ තිබුණට ඒ දේවල් ලියන්න කම්මැලියි.

කොහොම හරි විද්‍යාව.com(vidyawa.com)අඩවියත් කරගෙන යන ගමන් මගේ මේ බ්ලොගයත් ඉංග්‍රීසි බ්ලොගයත් කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. එහෙනම්  දැනට නවතින්නම්෴

7 ප්‍රතිචාර:

ඉලංදාරියා said...

ඔබට ජය දිගුගමනකට

dinesh said...

දිගටම කරගෙන පලයන් මල්ලියා,උඹට ජය.......

Shiroshan Randika said...

@ඉලංදාරියා
ස්තූතියි! ඔබටත් ජය!

@dinesh
ස්තූතියි! සහෝ.

දේදුනු said...

බය වෙන්න එපා මල්ලි සබ්බ සකල මනාවම කලමනාකරනය කරන්න

Shiroshan Randika said...

@දේදුනු
ඔව් කළමණාකරණය ඉගෙන ගන්න, මේක තමා හොදම වෙලාව.

කසුන් කොස්වත්ත- Kasun Koswattha said...

මටත් මෙ එපා වෙලා ඉන්නේ. ඒ අස්සෙ මගෙ blog එකත් remove කරලා.මම ඔයට කිව්වෙ ලගදිම remove වෙයි කියලා. දැන් අක remove කරලා. අනේ මන්දා......

Shiroshan Randika said...

@කසුන් කොස්වත්ත
ආයේ පාරක් ඇප්ලයි කරන්න. එතකොට හරි යයි.
http://blogs.sinhalabloggers.com/add-blog
http://syndi.lankeeya.lk/blogform.php

Post a Comment

අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.