ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් බ්ලොගයට මොනවාහරි ලියන්න හිතුණා. දැන්නම් ලියන්න වෙලාවක් නැති තරම්. හැමදාම ගූගල් රීඩරයට එන බ්ලොග් ලිපි ටික කියවලා ඉවර කරන්නෙත් බොහොම අමාරුවෙන්. ඉතින් මේ දවස් වල පාඩම් වැඩ තමයි කරන්නේ. ගණන් හදන එකෙත් මාරම ගතියක් තියෙනවා. ගාණක් හදලා ඒකේ උත්තරේ ගත්තම මාර සතුටක් දැනෙන්නේ. ගණිතය වැනි විෂයයක් අපිව කොච්චර දුරට හිතන්න පොළඹවනවද කියන එක දැන් මට හොදටම තේරිලයි තියෙන්නේ. තව දුරටත් ගණිතයට බය වීම අනවශ්‍ය දෙයක්.
ඉතින් ඔය අස්සේ ක්‍රිකට් තරග බලන පිස්සුවකුත් හැදිලයි තියෙන්නේ. මෙදා ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතබාවය හොදින්ම පෙන්වන තත්ත්වයක් තමා ඇති වෙලා තියෙන්නේ. කොහොම වුණත් හද පතුලෙන්ම සුභ පතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට.
තව දෙයක් "ඉලංදාරියා" වෙනුවෙන් අපේ බ්ලොග් සඟයින් කටයුතු කරන හැටි දැක්කම ඇත්තටම සතුටක් දැනෙනවා. "මේ බ්ලොග් මාධ්‍යයෙන් අපිට කොච්චර දේවල්නම් කරන්න පුළුවන්ද?" කියලා හිතෙනවා. ඇත්තටම සිංහල බ්ලොග් අවකාශයේ මේ පියවර මම හදවතින්ම අගය කරනවා. "ඉලංදාරියා" බ්ලොග් සොයුරාටත් ඉක්මන් සුවය පතමි.
ඉතින් කොහොම හරි හිතේ තියෙන දේ පොඩ්ඩක් හරි ලියා ගත්තා සාරාංශ කරලා. එහෙනම් පසුව හමුවෙමු. (පල්ලහො තියෙන්නේ මගේ ඡායාරූපයක්. තාම මගේ පිංතූරයක් බ්ලොගයේ දාලා නැති හින්දා දාන්න හිතුණා... නිකමට වගේ...)
෴




3 ප්‍රතිචාර:
ඔව් හැබෑව... ගණිතය විනෝදයෙන්ම හදාරන්න ඕනේ...
ඒවායින් ප්‍රායෝගික දෙයක් කලහම තවත් විසාල සතුටක් ලැබෙනවා...
අධ්‍යාපන කටයුතු හොඳින් කරගමු මලේ...
ගණිතයෙන්ම පෝස්ට් එකකුත් දාමු ඉස්සරහට...
එහෙනම්.... ජයවේවා...
@තිස්ස දොඩන්ගොඩ
ඔව් ඒක ඇත්ත. ඉස්සරහට ඉඩ ලැබුණු වෙලාවක ලියන්නම්. බොහොම ස්තූතියි දිරිගැන්වීමට!
ගණිතය කියන්නේ අභියෝග වලට මුහුණ දෙන්න කැමති අයට හොද විශයක් ගාණක් හදලා උත්තරයක් ආවාම තියන සතුට දන්නේ ගනන් හදන්න මහන්සි වෙන කෙනෙක්ම තමා මල්ලි ඉගෙන ගන්න කටයුතු හොදට කරන්න සුභ පතනවා !!!!!
Post a Comment
අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.