පැන්සලකින්(හෝ පෑනකින්) හා කඩදාසියකින් කරන්න පුළුවන් ගෝඩක් දේවල් තියෙනවා. මටනම් ඔය දෙකම හම්බ වුණාම කරන්නනේ හිතට එන ඕනේම දෙයක් සිතුවමට නඟන එකයි. ඉතින් දැන් මම පෙන්වන්න යන්නේ මම නිකන් ඉන්න ගමන් ඇඳපු සිතුවම් වගයක්. හැබැයි ඒවා එකක්වත් සැබෑ කඩදාසියක් මත කළ සිතුවම්නම් නෙමේ. ඒවා ඩිජිටල් මාදාලියේ නිර්මාණ. Paint.NET මෘදුකාංගය භාවිතා කරලා තමයි වැඩේ කෙරුවේ. Paint.NET කියන්නේ සාමාන්‍ය Paint වලට වඩා ගොඩක් දුරට සංවර්ධනය කළ ග්‍රැෆික් මෘදුකාංගයක්. ඇත්තටම Photoshop මට්ටමටම සංවර්ධිතයි.
ඉතින් පහළ තියෙන්නේ එම මෘදුකාංගයෙන් මා කරන ලද සිතුවම් කිහිපයක්. හැබැයි ඒ කිසිවකට පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග යොදලා නෑ. තනිකර අතේ හුරුවෙන් ඇඳුණු රේඛා වලින් තමා නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් ඕවා තමයි මගේ සිතුවම් ටික. සමහර වෙලාවට විකාර චිත්‍ර ටිකක් කියලා හිතෙනවත් ඇති. මේවා ගැන මොනාහරි කියන්න තියෙනවනම් ප්‍රතිචාරයක් දාලම යන්න. ඔයගොල්ලොත් නිකන් ඉන්න වෙලාවට උත්සහ කරලා බලන්න. මවුසය උපරිම නිදහසේ තබාගේන හිතෙන දේ සිතුවම් කරන්න.෴







2 ප්‍රතිචාර:
Patta Machan ... i Like .....
නියමය්...අය්යා
Post a Comment
අදහස්, ප්‍රතිචාර නොලැබෙන බ්ලොගයකින් පලක් නැහැ. බෙදාගැනීම උතුම් දෙයක්! ඒ නිසා අපි අදහස් බෙදා ගමු.